රැකියා විරහිතබව වර්තමාන තරුණ පරපුර දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. බොහෝ පිරිස් රැකියා විරහිතවීම පිළිබඳ රජයට චෝදනා කිරීම නිතර දකින්නට පුලුවන්. එහෙත්, රැකියා විරහිත වීමේ වගකීම වෙනත් පාර්ශවවලට පවරන්නට පුලුවන් ද? රැකියාවක් සඳහා අධ්‍යාපනයටත් වඩා අවශ්‍ය වන්නේ වෘත්තීය පුහුණුවයි. ඒ සඳහාම වෙන් වූ ආයතනයක් ලෙස ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය හඳුන්වන්නට පුලුවන්. මේ සටහන ඒ ගැනයි.
මෙය වෘත්තීය පුහුණුවක් ලබාගන්නට අවශ්‍ය ඕනෑම කෙනෙක්ට නොමිලේ පාඨමාලා හැදෑරිය හැකි රජයේ ආයතනයක්. සුදුසුකම් සහිත ඇදුරු මඩුල්ලකින් සමන්විත මෙම ආයතනය මගින් න්‍යායික පුහුණුවත් ප්‍රායෝගික පුහුණුවත් යන දෙකම ලබා දෙනවා.
පාසල් හැර ගිය – තමන් කැමති ක්ෂේත්‍රයකින් වෘත්තීය පුහුණුව ලබාගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට මේ පාඨමාලා සඳහා සහභාගී විය හැකියි. ඔබ හය වසර සමත් වුවත් , උසස් පෙළ දක්වා ඉගෙන ගත්තත් ඔබට හැදෑරිය හැකි පාඨමාලා ක්ෂේත්‍ර 18ක් ඔස්සේ පාඨමාලා 81ක් මෙහි තිබෙනවා.
උතුරු නැගෙනහිරත් ඇතුලුව ලංකාව පුරා සෑම ප්‍රධාන නගරයක ම පාහේ මධ්‍යස්ථාන 213ක් තිබෙනවා.
මෙම පාඨමාලා සඳහාකිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ. සම්පූර්ණයෙන් ම නොමිලේ. ලොව ඇති දියුණු ම තාක්ෂණයක් වන රොබෝ තාක්ෂණය වුවත් ඔබට නොමිලේ හදාරන්නට පුලුවන්.
ඔබට මෙහිදී NVQ level එසේත් නැතිනම් ජාතික වෘත්තිය පුහුණු සුදුසුකම් මට්ටම් 4, 5, 6 යන ඒවා ළඟා කරගැනීමේ හැකියාව තිබෙනවා. මට්ටම් 4 යනු උසස් පෙළ මට්ටමයි. මට්ටම් 5 ඩිප්ලෝමා මට්ටමයි. මට්ටම් 6 යනු උසස් ඩිප්ලෝමා මට්ටමයි. මේ මට්ටම් තුන ම මෙහිදී ලබාගත හැකියි.
මෘදු කුසලතා ලෙස සැලකෙන නායකත්වය වැනි කුසලතා ද, ඉංග්‍රීසි සහ පරිගණක දැනුම ද වැඩි දුරටත් ඔබට මෙයින් ලැබෙනවා.
ඔබට ස්වයං රැකියාවක් හෝ ආරම්භ කිරීමට අවශ්‍ය නම් දින අටක වැඩමුළුවක් පවත්වා සහන පොළියක් යටතේ බැංකු ණය පහසුකම් ලබා දෙන්නටත් මෙම ආයතනය කටයුතු කරනවා.
රැකියා විරහිත වීම පිළිබඳ කණස්සලු වීම නිමා කරන්නට කාලය දැන් එළඹිලා. ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හා එක්ව ඔබේ අනාගතය ඔබට අවශ්‍ය අන්දමින් නිර්මාණය කරගන්න.
ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ මාධ්‍ය ඒකකය හා කළ සාකච්ඡාවක් ඇසුරෙනි.
Saru FM Media