පාලම් 74 ක වැඩ කඩිනමින් නිම කිරීමට යයි

0
10

ග්‍රාමීය පාලම් වැඩසටහන යටතේ හඳුනාගනු ලැබ ඇති පාලම් 74ක වැඩ නිම කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ග්‍රාමීය පාලම් වැඩසටහන යටතේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව වෙත දිවයින පුරා පාලම් ඉදිකිරීමේ ‍කොන්ත්‍රාත්තු 326ක් පිරිනැමීම සඳහා 2021.02.08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ වන විට වැඩ ආරම්භ කර නොතිබූ පාලම් 184ක ඉදිකිරීම් කටයුතු නතර කිරීමට 2022 වසරේදී තීරණය කර ඇති අතර, ඉතිරි පාලම් 142න් 45ක වැඩ මේ වන විට නිම කර තිබේ. තවත් පාලම් 23ක වැඩ මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබ ඇත.
අදාළ ප්‍රදේශවල ගමනාගමන කටයුතුවලදී මහජනතාවට මුහුණ පෑමට සිදුව ඇති අපහසුතා අවම කිරීමේ අරමුණින් ඉතිරි පාලම් 74ක වැඩ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මඟින් යළි ආරම්භ කර, ඒවායේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිම කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් මේ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here