මෙරට වැඩබලන නීතිපතිවරයා ලෙස සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පත් කර තිබෙනවා.
අද (30) දිනයේ දී මෙම පත් කිරීම සිදු කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.
නිත්‍ය නීතිපතිවරයා වශයෙන් කටයුතු කළ පාරින්ද රණසිංහ මහතා විදෙස්ගත වීම හේතුවෙන් වැඩබලන නීතිපතිවරයෙකු පත් කර තිබෙනවා.
ඒ අනුව මැයි මාසය අවසන් වන තෙක් විරාජ් දයාරත්න මහතා වැඩබලන නීතිපතිවරයා වශයෙන් කටයුතු කරනු ඇති.
Saru FM Media