පාර්ලිමේන්තු සේවිකාවට ලිංගික හිංසනයක් වී නෑ – වාර්තාව කථානායකට

0
1

පාර්ලිමේන්තුවේ සේවිකාවකට කිසියම් අයුරක ලිංගික හිංසනයක් සිදුවී ඇත්දැයි සොයා බලා වාර්තා කිරීමට පත්කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් ඒ පිළිබඳ සකස් කළ ඇයගේ අවසන් වාර්තාව ඊයේ (24) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දෙනු ලැබීය.

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවකට ලිංගික හිංසන සිදුවූවායැයි 2025-01-07 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා විසින් සභා ගර්භයේදී සිදුකළ කතාවකදී කරුණු දක්වන ලදීග උක්ත කරුණ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලද අතර එම පරික්ෂණය පිළිබඳ පැමිණිලිකාර පාර්ශවය සෑහීමකට පත් නොවීම හේතුවෙන් අදාළ කරුණ පිළිබඳ බාහිර පරික්ෂණයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව විසින් 2025-07-25දින තීරණය කරන ලදි.

ඒ අනුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් උක්ත කරුණට අදාළ සියලු පාර්ශව කැඳවා කරුණු විමර්ශණය කොට මෙම අවසන් වාර්තාව සකස් කොට ඇත.

ඊයේ දින ගරු කථානායකවරයාට භාරදී ඇති ඒකී වාර්තාවට අනුව උක්ත පැමිණිල්ල සිදුකරන ලද නිලධාරිනියට කිසිදු ලිංගික හිංසනයක් සිදුව නොමැති බව විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව පෙනී යන බව වාර්තාව මගින් නිගමනය කොට තිබේග තවද එම අංශයේ වෙනත් කිසිදු නිලධාරිනියකට හෝ ලිංගික හිංසන සිදුවී නොමැති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here