පාර්ලිමේන්තුව රැස්වෙයි ( සජීවි විකාශය )

0
2

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම හේතුවෙන් අද (08) පාර්ලිමේන්තුව රැස් නොවීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබුණි.

ඊයේ එළැඹි තීරණයට අනුව අද (08) පෙ.ව 9.30 – පෙ.ව. 10.00  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

පෙ.ව 10.00 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

පෙ.ව  10.30 – පෙ.ව 11.00 කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන වර්තමාන තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය  අද පැවැත්වීමට තීරණය කර තිබේ.

හෙට  (09) සහ අනිද්දා ( 10) දෙදිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල කිසිදු වෙනසක් සිදු නොවේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here