නොවැම්බර් මාසයේ දින තුනක් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක්කරන බව කථානායක අද (23දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ අනුව නොවැම්බර් මස 04, 06 සහ 07 යන තෙදින තුළ මෙම පරීක්ෂාව සිදුකිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
එහිදී මන්ත්‍රීවරුන්ගේ විවේක කාමරල ඇඳුම් අල්මාරි ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම ආරක්ෂක පරීක්ෂාවකට ලක්කරන බව කථානායකවරයා දැනුම් දුන්නේය.
මේ අතර නොවැම්බර් මස 07 වන සිකුරාදා දිනයේ දී පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාප ද ආරක්ෂක පරීක්ෂාවට ලක්කිරීමට නියමිතව ඇත. එදිනට මහජන ගැලරිය ආරාධිතයින් සඳහා පමණක් සීමා කරන බව ද කථානායක පැවසීය.
අමුත්තන් සඳහා වන ආරාධනා පත්‍ර මුදල් අමාත්‍යාංශය වෙතින් නිකුත් කරනු ලබන අතරල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක සිකුරාදා දිනයේ දී පාර්ලිමේන්තු පැමිණීමේ දී රියදුරෙකු සමග පැමිණෙන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දෙනු ලැබීය.
එදිනට පාර්ලිමේන්තු රථගාල වසා දැමෙන බැවින් මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන රථගාල් වෙත යොමුකරනු ලබන බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මේ අතර එදිනට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බව කථානායක මෙහිදී වැඩිදුරටත් පැවසීය.
Saru FM Media