පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම් කළ හේතුව ඇමති නලින්ද කියයි

0
10

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (27) අදහස් පළ කළේය.

ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ මහතා සම්බන්ධව ඒක පුද්ගල විමර්ශන කමිටුවක් පත් කිරීමට තීරණය කළ බවත් ඒ වෙනුවෙන් විපක්ෂ නායකවරයා වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද එම කමිටුව නියෝජනය කළ බවය.

ඒ අනුව පසුගිය වසරේ අගෝස්තු 19 වැනි දින මෙම විමර්ශන කමිටුව පත් කළ බවත් ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශන පැවැත්වීම සඳහා ඒක පුද්ගල කමිටුවක් පත් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම කමිටුව මගින් නිර්දේශ දෙකක් ඉදිරිපත් කළ බවත් ඒ අනුව සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් පත්වීම ලබා ගැනීම සහ එම තනතුරේ සේවය ස්ථීර කරවා ගැනීම මගින් මෙන්ම තමාට හිමි නැති වැටුප් හිමිකමක් ලබා ගැනීම මගින් රාජ්‍ය සේවයේ පවත්නා රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරමින් අයතා වාසි ලබා ගැනීම හා මූල්‍යමය අලාභයක් සිදු කිරීම යන චෝදනා මත ඒ මහතාගේ වැඩ තහනම් කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂනයක් පවත්වා සුදුසු පියවර ගන්නා ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට කමිටුව නිර්දේශ කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

සබැඳි පුවත්:

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here