පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීමට ඇමති විජිත වතිකානයට

0
7


ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සහ අවසන් කටයුතු සිදු කෙරෙන උත්සවයට සහභාගී වීම සදහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් වතිකානය බලා පිත්ව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා අද (25) උදෑසන රෝමයේ වතිකානය බලා පිටත්ව ගිය බවයි ‘දසත’ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

අමාත්‍යවරයා උදෑසන 09.30ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 393 දරණ ගුවන් යානයෙන් අබුඩාබි නුවර වෙත පිත්ව ගිය අතර, එතැන් සිට වෙනත් ගුවන් යානයකින් වතිකානය බලා පිටත්ව යාමට නියමිතයි.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවය හෙට (26) පැවැත්වීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here