පානීය ජල බෝතල් වැඩි මිලට විකුණා මාස 6 ට ලක්‍ෂ 278 ක් දඩ කාලා

0
1

පානීය ජලය බෝතල් වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමෙන් මාස 6ක් තුළ රුපියල් ලක්‍ෂ 278 කට අධික දඩ මුදලක් රජයට අය කරගෙන ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය කියයි.

පසුගිය අප්‍රේල් 1 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා මෙම වැටලීම් සිදුකර ඇති අතර එම කාලය තුළ නඩු 306 ක් ගොනු කර තිබේ.

මෙම වැටලීම් බහුතරයක් සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

අනුමත මිලට වඩා රුපියල් 20ක් වැඩියෙන් වතුර බෝතලයක් අලෙවි කිරීම සම්බන්ධයෙන් කොළඹ එක්තරා ආයතනයකට රුපියල් ලක්‍ෂ 6 ක දඩ මුදලක් ද නියම කර තිබේ.
ධර්මසේන වැලිපිටිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here