පාන් වලින් හදන්න පුළුවන් රසම රස ඩිසර්ට් සෙට් එකක්

0
13


හැමදාම ගන්න පාන් වලින් පෙති දෙක තුනක්වත් අනිවාර්යයෙන්ම ඉතුරු වෙනවනෙ. අන්න ඒ ඉතුරු වෙන පාන් වලින් හදන්න පුළුවන් රසම රස ඩිසර්ට්ස් ටිකක් ගැන කියලා දෙන්න ආවේ. මේවා ගොඩක් ලේසි රෙසිපි. ඒ නිසා අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න. 

 

1. මාමලේඩ් බ්‍රෙඩ් පුඩිං (Marmalade Bread Pudding) 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බටර් මේස හැඳි 10
  2. පාන්පෙති 10-12
  3. මාමලේඩ් මේස හැඳි 4
  4. ග්‍රේට්කරගත් දොඩම්පොතු ටිකක්
  5. දොඩම් ගෙඩි 2ක යුෂ
  6. දෙහි ගෙඩියක යුෂ හා ග්‍රේට්කරගත් පොතු
  7. සීනි කෝප්ප 1/2

 

කස්ටඩ් එකට 

 

  1. කිරි කෝප්ප 1 1/4
  2. බිත්තර 2
  3. සීනි මේස හැඳි 2
  4. ෆ්‍රෙශ්ක්‍රීම් මේස හැඳි 4

 

  • අවන් එක සෙල්සියස් 180°ට ප්‍රී හීට් කරගන්න. ට්‍රේ එකකට බටර් ගාගන්න. පාන්පෙති වල බටර් හා මාමලේඩ් ගාගන්න. 
  • මේවා ත්‍රිකෝණ හැඩයට කපාගන්න. බෝල් එකකට දෙහි යුෂ, සීනි, දොඩම් යුෂ, දොඩම් හා දෙහි පොතු දාලා සීනි දියවෙනකල් විස්ක් කරගන්න. 
  • දැන් පාන්පෙති මේ මිශ්‍රණයෙන් පොඟවලා බටර් ගාගත් ට්‍රේ එකේ අතුරගන්න. 
  • බෝල් එකක් අරන් කස්‍ඩට් එකට අවශ්‍ය සියල්ලම හොඳට බීට් කරලා පාන්වලට උඩින් වක්කරගන්න. 
  • දැන් මේක සෙල්සියස් 180°ට විනාඩි 30ක් බේක් කරගන්න. 

 

2. බෙරි සමර් පුඩින් (Berry Summer Pudding) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බ්ලූබෙරි කෝප්ප 1
  2. රාස්බෙරි කෝප්ප 1 1/2
  3. බ්ලැක්බෙරි කෝප්ප 1 1/2
  4. සීනි කෝප්ප 1/2
  5. සැන්ඩ්විච් පෙති පාන් ගෙඩියක් 
  6. හෙවික්‍රීම් ටිකක්

 

  • පෑන් එකකට බෙරි සියල්ල හා සීනි දාලා  හැඳිගාන්න. මේක අඩු ගින්දරේ වෙන්න ඕනේ. සීනි දියවෙලා බෙරීස් පොඩිවෙලා ජෑම් එකක් වගේ වෙනකොට ලිපෙන් බාගන්න. 
  • මේක නිවෙන්න තියන්න. බෝල් එකකට බටර් ගාලා පාන්පෙති වල වාටි කපලා බෝල් එක ඇතුළෙන් අතුරගන්න මුළු බෝල් එකම වැහෙන්න. 
  • දැන් මේකට බෙරි ජූස් එක ලේයර් එකක් දාගන්න. ආයෙ පාන් ලේයර් එකක් දාගන්න. මේ වගේ ලේයර්ස් කිහිපයක් දාලා උඩින්ම පාන්පෙති ලේයර් එකක් දාලා මේකට උඩින් කාඩ්බෝඩ් එකක් තියලා තද කරලා ෆොයිල් කොළයකින් වහලා පැය 12ක් ෆ්‍රිජ් එකේ තියන්න. 
  • ෆොයිල් එක හා කාඩ්බෝඩ් එක අයින් කරලා, පරිස්සමින් පුඩින් එක අනික් පැත්ත හරවලා, බෝල් එකෙන් අයින් කරලා උඩින් හෙවි ක්‍රීම් ටිකක් දාලා කෑමට ගන්න. 

 

3. පානෙ ෆ්‍රිට්ටෝ (Pane Fritto) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පෙති 5-6
  2. කිරි කෝප්ප 1
  3. සීනි ග්‍රෑම් 50
  4. බිත්තර 1
  5. ලෙමන් යුෂ මේස හැඳි 2
  6. ග්‍රේට්කරගත් ලෙමන් පොතු තේ හැඳි 1
  7. වයිට් වයින් ටිකක්
  8. බටර් මේස හැඳි 2
  • කිරි වලට සීනි වලින් භාගයක් දාලා දිය කරගන්න. වෙනම බෝල් එකකට බිත්තරය හා ඉතිරි සීනි ටික දාලා ලෙමන් යුෂ, ලෙමන්පොතු හා වයින් දාලා බීට් කරගන්න. 
  • පෑන් එකක් ලිපේ තියලා බටර් ටික දාලා රත් වෙනකොට කිරි මිශ්‍රණයෙන් පොඟවපු පාන්පෙති බිත්තර මිශ්‍රණයෙනුත් පොඟවලා පෑන් එකට දාලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න. 
  • උණුවෙන්ම සීනි ටිකක් උඩින් ඉහලා කෑමට ගන්න.

 

 

4. ග්‍රිල්ඩ් චොක්ලට් සැන්ඩ්විච් (Grilled Chocolate Sandwich) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බටර් මේස හැඳි 1
  2. පාන්පෙති 4
  3. චොක්ලට් චිප්ස් කෝප්ප 1/2
  4. ලුණු ටිකක්
  5. සීනී හා කුරුඳු කුඩු ටිකක්

 

  • පාන්පෙති වල බටර් ගාගෙන ටික පෑන් එකට දාලා ෆ්‍රයි කරගන්න. 
  • දැන් පෙත්තක් උඩින් චොක්ලට් චිප්ස් දාලා තව පාන් පෙත්තකින් වහලා නැවත සැන්ඩ්විච් එකේ පිට පැත්ත පෑන් එකේ ටෝස්ට් කරගන්න. 
  • උඩින් සීනි හා හා කුරුඳු කුඩු ඉහලා කෑමට ගන්න. 

 

5. හොට් චොක්ලට් බ්‍රෙඩ් පුඩිං (Hot Chocolate Bread Pudding) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරි කෝප්ප 3
  2. කොකෝවා පව්ඩර් මේස හැඳි 2
  3. සීනි කෝප්ප 1
  4. වැනිලා ටිකක්
  5. චොප්කරගත් ඩාක් චොක්ලට් කෝප්ප 1/4
  6. බිත්තර 4
  7. කෑලි කපාගත් පාන්පෙති කෝප්ප 3
  8. චොක්ලට් චිප්ස් කෝප්ප 1

 

විපින් ලේයර් එකට

 

  1. විප්ක්‍රීම් කෝප්ප 2
  2. චොප්කරගත් ඩාක් චොක්ලට් කෝප්ප 1/2

 

  • කිරි ටික පෑන් එකට දාලා කොකෝවා පව්ඩර් ටිකත් දාලා වැනිලා හා සීනි දාලා ලිපේ තියන්න. 
  • ටිකකින් චොප්කරගත් ඩාක් චොක්ලට් ටිකත් දාලා උණු කරගන්න. වෙනම බෝල් එකක බිත්තර ටික බීට් කරලා චොක්ලට් මිශ්‍රණයට දාලා කැටි ගැහෙන්නෙ නැතිවෙන්න ඉක්මණින් විස්ක් කරගන්න. 
  • දැන් කපාගත් පාන් ටික මේකට දාලා කලවම් කරලා බටර් ගාගත් බේකින් ට්‍රේ එකකට දාලා සෙල්සියස් 180°ට විනාඩි 30ක් බේක් කරගන්න. 
  • ඩාක් චොක්ලට් ටික ඩබල් බොයිල් කරලා නිවෙන්න තියලා විප්ක්‍රීම් වලට දාලා ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න. දැන් පුඩින් එකට උඩින් විපින් ෆ්‍රොස්ටින් එක දාගන්න. 

 

6. බටර්ස්කොච් බ්‍රෙඩ් පුඩිං (Butterscotch Bread pudding) 

අවශ්‍ය ද්‍රව්‍ය

 

බටර්ස්කොච් එකට

 

  1. බටර් මේස හැඳි 2
  2. සීනි මේස හැඳි 6

 

පුඩින් එකට

 

  1. ‍රැයක් ෆ්‍රිජ් එකේ තැබූ පාන් පෙති ටිකක්
  2. කිරි කෝප්ප 4
  3. බිත්තර 4
  4. බටර් මේස හැඳි 2
  5. සීනි කෝප්ප 1/4
  6. වැනිලා තේ හැඳි 1

 

  • බටර්ස්කොච් එකට පෑන් එකක් ලිපේ තියලා බටර් ටික දාලා මෙල්ට් වෙනකොට සීනි ටික දාගන්න. ටිකකින් සීනි දියවෙලා කැරමලයිස් වෙනවා පෙනෙයි. දැන් මේක බටර් ගාගත් ට්‍රේ එකකට දාලා අඩිය වැහෙන්න ස්ප්‍රෙඩ් කරගන්න. 
  • පාන්පෙති ටික පොඩි කෑලි වලට කඩාගන්න. කිරි වලට බිත්තර සීනි, වැනිලා, බටර් දාලා හොඳට බීට් කරගන්න. 
  • කඩාගත් පාන්පෙති ටික සකස් කරගත් ට්‍රේ එකේ අතුරලා උඩින් බිත්තර මිශ්‍රණය දාගන්න. සෙල්සියස් 180°ට විනාඩි 20-30ක් බේක් කරගන්න. 

 

 

 

7. නියුටෙලා බ්‍රෙඩ් පුඩිං (Nutella Bread Pudding) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බටර් ටිකක්
  2. පාන්පෙති 7-8
  3. නියුටෙලා කෝප්ප 1
  4. හෙවික්‍රීම් කෝප්ප 2
  5. බිත්තර 2
  6. කහමද 1
  7. සීනි ග්‍රෑම් 60
  8. ලුණු ටිකක්
  9. වැනිලා තේ හැඳි 1

 

සෝස් එකට 

 

  1. බ්ලැක්බෙරි ග්‍රෑම් 200
  2. ලෙමන් යුෂ මේස හැඳි 1
  3. සීනි මේස හැඳි 1
  4. ලුණු පින්ච් එකක්

 

  • අවන් එක ප්‍රීහීට් කරගන්න. බේකින් ට්‍රේ එකකට බටර් ගාගන්න. පාන්පෙති වලට නියුටෙලා ගාලා සැන්ඩ්විච් කරලා පොඩි කෑලි කපාගන්න. දැන් මේ ටික බේකින් ට්‍රේ එකට දාගන්න. 
  • භාජනයකට හෙවික්‍රීම් ටික දාලා අඩු ගින්දරේ රත් කරගන්න. වෙනම බෝල් එකකට බිත්තර, කහමද, සීනි හා වැනිලා දාලා විස්ක් කරගන්න. මේක හෙවික්‍රීම් එකට වක් කරලා කළවම් කරගන්න.
  • බිත්තර වල කැදලි හිටින්නෙ නැති වෙන්න විස්ක් කරගන්න. දැන් මේ කස්ටඩ් එක පාන් වලට වක් කරගන්න. පාන් කෑලි වල හොඳින් තැවරෙන පරිදි දාගන්න. 
  • උඩින් සීනි ටිකක් ඉහලා සෙල්සියස් 180°ට විනාඩි 30ක් බේක් කරගන්න. 
  • වෙනම පෑන් එකකට බ්ලැක්බෙරි, ලෙමන් යුෂ, ලුණු හා සීනි දාලා හැඳිගාන්න. චොප් වෙනකල් හැඳිගාලා මේක පුඩින් එකට උඩින් වක් කරගන්න. 

 

The post පාන් වලින් හදන්න පුළුවන් රසම රස ඩිසර්ට් සෙට් එකක් appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here