සැකකරුවෝ 4දෙනෙක් මාට්ටු
පානදුර ප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකගේ ගිණුමෙන් රුපියල් දෙකෝටි අට ලක්ෂයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, ජාඇල, මිනුවන්ගොඩ සහ ඒකල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33, 34, 45 සහ 46 යන වයස්වල පුද්ගලයන් බව පොලිසිය කීය.
විහාරාධිපති හිමියන් කළ පැමිණිල්ලක් මත සිදුකළ දීර්ඝ විමර්ශනවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
විහාරාධිපති හිමියන් පානදුර පෞද්ගලික බැංකුවක සිය ගිණුම පවත්වා ගෙන යනු ලබන අතර, කලකට පෙර උන්වහන්සේගේ
හැඳුනුම්පත අස්ථානගතව ඇති බවත් පොලිසිය කීය. සැකකරුවන් එම බැංකවේ ම නාරම්මල ශාඛාවෙන් අවස්ථා කිහිපයකදී මුදල් සිය ගිණුම්වලට මාරුකර ගෙන මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය කීය. සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න විජයසිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන (12175) පෙරේරා, (863) රවීන්ද්‍ර, (40354) සමන්, කොස්තාපල්වරුන් වන (102160) කෝසල, කාන්තා පො.කො (7300) තනූජා සහ (11884) දුලංකා යන නිලධාරීහු වැටලීමට එක්වූහ.
වාද්දුව සුමිත් පොතුපිටිය
Saru FM Media