Tuesday, May 6, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් පාතාල කල්ලි ගැටුම: ගල්කිස්සේ අටවැනි බිල්ල – කොස් මල්ලිගෙ ඥාති පුතෙක් පාර...

පාතාල කල්ලි ගැටුම: ගල්කිස්සේ අටවැනි බිල්ල – කොස් මල්ලිගෙ ඥාති පුතෙක් පාර අතුගාද්දී මරාදැමූ හැටි

0
3


gossiplanka image 1

අද (5) උදෑසන හතයි විස්සට පමණ ගල්කිස්ස වෙරළ පාරේ ගල්කිස්ස මහ නගර සභාවට අනුයුක්තව සේවය කරන පාරවල් පිරිසිඳු කරන සුළු සේවකයෙකු වන රිස්මි නම් අවුරුදු 19 තරුණයා තම රාජකාරී වැඩ කටයුතු ඉටු කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතින අතර, මෙය ගල්කිස්ස, බඩෝවිට කේන්ද්‍ර කරගනිමින් පාතාල කල්ලි දෙකක් අතර සිදුවන

ගැටුම්වල අටවැනි බිල්ල ලෙස හඳුනාගෙන ඇත.
අදාළ සිදුවීම උදෑසන හතයි විස්සට පමණ ගල්කිස්ස ශාන්ත සිල්වෙස්ටර් වෙරළ පාරේදී ආරම්භ විය. රිස්මි නම් තරුණයා පාර අතුගාමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහුට වෙඩි තබා ඇත. එම වෙඩි ප්රහාරයට ලක්වූ තරුණයා වෙරළ පාර දිගේ ඉහළට පැන ගල්කිස්ස හරහා කොළඹ ගාලු පාරට පැමිණ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළත්, ඝාතකයින් ඔහු පසුපසින් ලුහුබැඳ ගොස් ගාලු පාරේදී උදෑසන දෙනෝදාහක් ඉදිරිපිට බිමට වැටුණු තරුණයාට නැවත වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇත.


පොලිස් පරීක්ෂණවලට අනුව, මෙම ඝාතනය ගල්කිස්ස බඩෝවිට ප්රදේශය කේන්ද්‍ර කරගත් පාතාල කල්ලි දෙකක් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් බව තහවුරු වී ඇත. මියගිය රිස්මි නම් තරුණයා බඩෝවිට කොස් මල්ලි නමින් හඳුන්වන පාතාල නායකයාගේ වැඩිමහල් සහෝදරියගේ ස්වාමි පුරුෂයාගේ නැගණියගේ දරුවා ලෙස හඳුනාගෙන ඇත. පොලිසිය සඳහන් කරන පරිදි ඔහුට මත්ද්රව්ය සම්බන්ධ චෝදනා ද එල්ල වී ඇති අතර, මහාධිකරණයේ නඩු විභාග සඳහා පෙනී සිටීමට ද නියමිතව තිබිණ.
මෙම ගැටුම එක් පැත්තකින් බඩෝවිට කොස් මල්ලි හා අනෙක් පැත්තෙන් බඩෝවිට අසංක නමැති ඩුබායි රාජ්යයේ රැඳී සිටින පුද්ගලයා අතර ඇතිවූ මත්ද්රව්ය ජාවාරම් සම්බන්ධ ගැටුමක් ලෙස හඳුනාගෙන ඇත. මෙම ගැටුම නිසා දෙපාර්ශවයේ ගෝලයන් සහ පවුලේ ඥාතීන් දිගින් දිගටම ඝාතනය වීමේ සිදුවීම් වාර්තා වී ඇත.

පෙර සිදුවූ ඝාතන

මෙම පාතාල කල්ලි ගැටුමේ ප්රතිඵලයක් ලෙස මේ දක්වා ඝාතන අටක් සිදුවී ඇත. ඒවා පහත පරිදි වේ:

  1.  2024 සැප්තැම්බර් 16 – බඩෝවිට තරිදු සුවාරිස් (බඩෝවිට අසංකගේ ගෝලයෙකු) ඝාතනය කිරීම.
  2. සැප්තැම්බර් 18 – ආනන්ද නමැත්තෙකු (බඩෝවිට අසංක පාර්ශවයේ ගෝලයෙකු) ඝාතනය කිරීම.
  3.  සැප්තැම්බර් 20 – දෙහිවලදී අනුර කොස්තා නමැත්තා (කොස් මල්ලිගේ ගෝලයෙකු වන චූටි සමන්තගේ මස්සිනා) ඝාතනය කිරීම. ඔහු දෙහිවල මහ නගර සභාවේ සුළු සේවකයෙකු විය.
  4. නොවැම්බර් 13 – ගයාෂාන් චතුරංග (අසංක පාර්ශවයේ ගෝලයෙකු) ඝාතනය කිරීම.
  5. ජනවාරි 7 – ගල්කිස්ස වටරප්පල පාරේදී පුද්ගලයින් දෙදෙනෙකු (අසංකගේ ගෝලයෙකුගේ මාමා සහ මස්සිනා) ඝාතනය කිරීම.
  6. ජනවාරි 19 – ගල්කිස්සේ සිරිපාල මාවතේ පදිංචිව සිටි “සුදු” නමැති අවුරුදු 23ක තරුණියක් (කොස් මල්ලිගේ ගෝලයෙකු) ඝාතනය කිරීම.
  7. අලුත්කඩේ අධිකරණය අසල සිදුවූ ඝාතනයක්.
  8. මෙම අවසන් ඝාතනය – රිස්මි නමැති අවුරුදු 19 තරුණයා (කොස් මල්ලිගේ නැගණියගේ ස්වාමි පුරුෂයාගේ නැගණියගේ දරුවා) ඝාතනය කිරීම.



මෙම ඝාතන මාලාව මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවට පත්ව ඇත. මහ දවල් මහජනතාව ඉදිරිපිට සිදුවන මෙවැනි මනුෂ්ය ඝාතන මගින් ජාතික ආරක්ෂාව මෙන්ම මහජන ආරක්ෂාව ද ඉතා බරපතල තත්ත්වයකට පත්ව ඇත.
පසුගිය කාලයේ මෙම දෙපාර්ශවය අතර ඝාතන යම්තාක් දුරට අඩුවී තිබූ අවස්ථාවක මෙම නවතම ඝාතනය සිදුවීම තුළින් නැවත වරක් මෙම ගැටුම උත්සන්න වීමේ අවදානමක් ඇති බව පොලිසිය පෙන්වා දෙයි. පොලිසිය විශ්වාස කරන ආකාරයට, අද සිදුවූ ඝාතනය බඩෝවිට අසංක පාර්ශවයෙන් සිදු කළ ඝාතනයක් විය හැකි අතර, පාතාල ලෝකයේ “ඇහැට ඇහක්, දතට දතක්” ගන්නා සම්ප්රදායට අනුව, ඉදිරියේදී කොස් මල්ලිගේ පාර්ශවයෙන් අසංක පාර්ශවයට ප්රතිප්රහාරයක් එල්ල විය හැකි බව අනුමාන කෙරේ.
මෙම පාතාල කල්ලි අතර පවතින ගැටුම නිසා නිරපරාධ ජීවිත රැසක් අහිමි වී ඇති අතර, දෙපාර්ශවයේම පවුල්වල සාමාජිකයන් හා ඥාතීන් දිගින් දිගටම ඝාතනය වීමේ අවදානමට මුහුණ දී සිටිති. මෙම ගැටුම් මගින් සමාජයේ සාමකාමී පැවැත්මට බරපතල තර්ජනයක් එල්ල වී ඇති අතර, පාතාලය විසින් සිදු කරනු ලබන මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා හා ඝාතන නවතා ලීමට රජය හා පොලිසිය වහාම ක්‍රියාත්මක විය යුතු බව ජනතාව අවධාරණය කරයි.
මෙම ඝාතන රැල්ලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් වන බඩෝවිට අසංක හා බඩෝවිට කොස් මල්ලි යන දෙදෙනාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්, මෙම පාතාල නායකයින් අත්අඩංගුවට ගැනීමට වහාම පියවර ගත යුතු බවත් ප්‍රජාව පෙන්වා දෙයි.
සීසීටීවී දර්ශනය පහතින්




Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here