බන්ධනාගාර කීපයක නිලධාරීන් පිරිසකට මරණ තර්ජන එල්ල වී ඇතැයි කියන සිද්ධියකට අදාළ පැමිණිලි ගණනාවක් ගැන එම නිලධාරීන් පොලිස්පතිවරයාට පැමිණිලි ඉදිරිපත් කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News
එම පැමිණිලි පිළිබඳ බුද්ධි අංශ මාර්ගයෙන් සහ වෙනත් රහසිගත ක්‍රියාමාර්ග හරහා තක්සේරුවක් සිදුකොට ඔවුන්ගේ ජීවිතාරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.
සංවිධානාත්මක අපරාධකරුවන් ගණනාවක් දැනටමත් විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති නිසා ඒ හා සම්බන්ධ පිටස්තරව තවමත් ක්‍රියාකාරීව සිටින පිරිස් විසින් මෙම තර්ජන එල්ල කරනවාද යන්න ගැනද පොලිසියට සැක මතුව තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳ කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු අන්දම ගැන පොලිස්පතිවරයා උසස් නිලධාරීන් සමග සාකච්ඡා කොට ඇති බවද සඳහන්ය.
ප්‍රේමලාල් විජේරත්න
Saru FM Media