පාඨලීගේ අභියාචනයට ලැබුණු තීන්දුව!

0
3


රෂිකා හෙන්නායක

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ  තමා අතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන අධිශෝධනා පත්‍රය විභාගයට ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොළඹ මහාධිකරණයට නියම කරනු ලැබූ බව සඳහන් වේ.

මෙම තීන්දුව, අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සන්ත කෝදාගොඩ මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here