පාකිස්ථානු යුද නැව් 2ක් කොළඹට එයි

0
2

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යුද නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (12) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට පැමිණි ‘PNS TAIMUR’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් NIAMAT SAEED KHAN කටයුතු කරන අතර, ‘PNS ASLAT’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් NADIR MATEEN AFRIDI කටයුතු කරනු ලබයි.

තවද, එම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයක (Bilateral Naval Exercise LION STAR V) නිරත වීමටද නියමිතව ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here