පාකිස්ථානයේ පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

0
3


නිරිතදිග පාකිස්ථානයේ, බලුකිස්තාන් ප්‍රදේශයේ පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

එම බෝම්බ ප්‍රහාරයෙන් පාසල් සිසුන් 04 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

තවත් සිසුන් 38 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ එරට හමුදාව විසින් පවත්වාගෙන යන පාසලකට ළමුන් රැගෙන යමින් සිටි පාසල් බස් රථයකටයි. 

ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී පාසල් බස් රථය තුල සිසුන් 40ක් පමණ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නැහැ. 

එරට රජය පවසන්නේ පකිස්ථානයේ හමුදා සහ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් වාර්ගික බෙදුම්වාදීන් විසින් එම ප්‍රහාරය සිදු කල බවට සැක පල කරන බවයි.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here