පාකිස්තාන ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෝ 3ක් මරුට

0
1

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය පවසයි. පක්ටිකා පළාතට එල්ල වූ ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් තිදෙනා මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කබීර් අගා, සිබ්ගතුල්ලා සහ හරූන් නමැති ක්‍රිකට් ක්‍රීඩකයන්ය. ඔවුන් ක්‍රිකට් තරගයකට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසට පැමිණෙන අතරතුර මෙම ප්‍රහාරයට මුහුණ දී ඇත.

මෙම ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමගින් ලාහෝර් නුවරදී නොවැම්බර් මස පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වන බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත. ඒ වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම මේ තරගාවලියට එක් වෙයි. මෙම ගුවන් ප්‍රහාරයෙන් ඇෆ්ගනිස්ථාන සිවිල් වැසියන් 5 දෙනකු ද ජීවිතක්ෂයට පත්ව ඇත.
චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here