පාකිස්තාන අගමැතිගේ කර්මාන්ත සහ නිෂ්පාදන සහකාරවරයා දිවයිනට

0
12

පාකිස්තාන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිවාරයට සහභාගී වීම සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත සහ නිෂ්පාදන පිළිබඳ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

මෙම සැසිවාරය ශ්‍රී ලංකාවේ වෙළෙඳ , වාණිජ , ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කර ඇති බව සඳහන්ය.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් මහතා සමග දූත පිරිස ලෙස තවත් එරට උසස් නිලධාරීන් 05 දෙනෙකු ද දිවයිනට පැමිණ ඇත.

“අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ඔවුන් ඊයේ පස්වරුවේ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here