පාකිස්තානය බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

0
3


පාකිස්තානය විසින් පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලා තිබෙනවා. 

කිලෝමීටර 450ක පරාසයක් සහිත “අබ්දාලි අවි පද්ධතිය” ලෙස නම් කර ඇති එම මිසයිලය ‘ඉන්දුස්’ අභ්‍යාසයක කොටසක් ලෙස සාර්ථකව අත්හදා බැලූ බවයි පාකිස්තාන රජය සඳහන් කර ඇත්තේ.
 

පකිස්තානය පදනම් කරගත් ලෂ්කාර්-ඊ-තායිබා සංවිධානයට සම්බන්ධ ත්‍රස්ත සංවිධානයක් විසින් පසුගියදා ජම්මු සහ කාශ්මීරයේ පෙහෙල්ගාම් හිදී නේපාල සංචාරකයෙකු සහ සිවිල් වැසියන් 26 දෙනෙකු ඝාතනය කර තිබුණා.
 

ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව, ඉන්දු ජල ගිවිසුම අවසන් කළ අතර පාකිස්තාන ජාතිකයන්ගේ සියලුම වීසා අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.  

ඉන්දියානු හිමිකාරිත්වය දරණ සහ ඉන්දියානු පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවල ගුවන් අවකාශය වසා දැමීමට ද පකිස්තාන රජය විසින් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here