පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර බෝම්බ පිපිරීමකින් 12 ක් මරුට

0
7

27කට තුවාල

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි මහාධිකරණය ආසන්නයේ මෝටර් රථයක ඊයේ (11දා) සවස සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 27 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පාකිස්තාන ආරක්ෂක අංශවලට අනුව අදාළ බෝම්බ පිපිරීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සේ සලකා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා තිබේ. මෙම බෝම්බ පිපිරීම ඉස්ලාමාබාද් නගරයේ කාර්යබහුල අධිකරණ සංකීර්ණයේ වාහන ගාලක සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

මෙම පිපිරීම සිදු වූ ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ ඉහළ පෙළේ රජයේ කාර්යාල පිහිටා ඇති බවත් ඉස්ලාමාබාද් නගරයට පිවිසීමේදී හා ඉන් පිටවීමේදී දැඩි ආරක්ෂක යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පැවතියදී මෙම පිපිරීම සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. පාකිස්තානයේ සිදුව ඇති මෙම බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් ඊයේ සවස වන විටද කිසිදු කණ්ඩායමක් වගකීම භාරගෙන නොතිබූ අතර පාකිස්තාන ආරක්ෂක අංශවලට සම්බන්ධ ආරංචි

මාර්ගයක් සීඑන්එන් ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ එම පිපිරීම ඇෆ්ගනිස්ථානයේ තලිබාන් සංවිධානය හා ඉන්දියාව සහය දක්වන සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදු කර ඇති බවයි. මෙම බෝම්බ ප්‍රහාරයට දිනකට පෙර වයඹදිග පාකිස්තානයේ පිහිටි කැඩෙට් විදුහලකට සන්නද්ධ කණ්ඩායමක් විසින් ප්‍රහාර එල්ල කර තිබිණි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here