පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකරන ලද , ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ .
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය පවසන පරිදි , පක්ටිකා පළාත ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනා මියගොස් තිබේ .
කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් ( Kabeer, Sibghatullah and Haroon ) යන ක්‍රිකට් ක්‍රීඩකයන්ය.එම ප්‍රහාරයෙන් එරට සිවිල් වැසියන් 5 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත
ඔවුන් ක්‍රිකට් තරගයකට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසට පැමිණි අතරතුර මෙම ප්‍රහාරයට මුහුණ දී ඇත.
මෙම ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දැක්වීමක් ලෙස ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමගින් නොවැම්බර් මස පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියෙන් තමන් ඉවත්වන බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ .
.
Saru FM Media