පාකිස්තානයත් ඉරානයට අනතුරු අඟවයි

0
2

සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ පිහිටි ඇමරිකානු කඳවුරු වෙත ඉරානය එල්ල කරන ප්‍රතිප්‍රහාර දැඩිකර ඇති පසුබිමක, සෞදි අරාබිය සමඟ අත්සන් කර ඇති අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම හේතුවෙන් පාකිස්නතානයට ද අකමැත්තෙන් වුවත්, ඉරාන යුද්ධයට සම්බන්ධ වීමට සිදුවනු ඇතැයි පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් දාර් පවසයි.

එබැවින්, සෞදි අරාබියට ප්‍රහාර එල්ල නොකරන ලෙස තමන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වෙත අනතුරු ඇගවීමක් ද කර ඇත.

දෙරට අතර අත්සන් කර ඇති එම ආරක්ෂක ගිවිසුමට අනුව මින් ඕනෑම රටකට එල්ල වන ආක්‍රමණයක් දෙරටටම එල්ල වූ ආක්‍රමණයක් ලෙස සැලකෙයි.

පසුගිය සෙනසුරාදා අරග්චි සමඟ පැවැති සංවාදයක් උපුටා දක්වමින් දාර් පවසා තිබුණේ, අප අතර ආරක්ෂක ගිවිසුමක් පවතින බව තමන් ඔවුන්ට අවබෝධ කර දුන් බවයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here