සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය ඊයේ (14 දා) පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී ආරම්භවිණි.
පළමු තරගය පරාජය වීමෙන් අනතුරුව එක් වෙනස්කමක් සහිතව තරගයට අවතීරණය වූ අතර, ඒ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්‍ෂණ වෙනුවට ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට කැඳවා තිබිණි.
කෙසේ වුවද තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායමේ ඇරයුමින් යුතුව පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසියේය.
සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක සහ කමිල් මිෂාර පිටියට පැමිණි අතර ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල සඳහා සාර්ථක ලකුණු 51ක සබඳතාවක් ගොඩනැඟීමට සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දුවද්දී දැවී යෑමකට හසුව ලකුණු 24කට පිටියෙන් ඉවත්ව යෑමට පැතුම් නිස්සංකට සිදුවිය. ඒ වන විට පැතුම්ගේ ඉනිමට හතරේ පහර 4ක් ඇතුළත්ව තිබිණි.
අනතුරුව මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 62ක්ව තිබියදී අබ්රාර් අහමඩ් ගේ පන්දුවක් හමුවේ පන්දු 39කින් ලකුණු 27ක් ලබා සිටි කමිල් මිෂාර පිටියෙන් ඉවත්විය.
ඉන් පසු කුසල් මෙන්ඩිස් හා එක්වූ සධීර සමරවික්‍රම ලකුණු 28ක සබඳතාවක් ගොඩනැඟීමට සමත්විය. කෙසේ වුවද නැවතත් ලකුණු පුවරුව 90ක් වනවාත් සමගම කුසල් මෙන්ඩිස් ලකුණු 20කට පිටියෙන් ඉවත්විය.
ඉන් අනතුරුව ලකුණු පුවරුවට තවත් ලකුණු 8ක් එක්කාසු වනවාත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ලකුණු 6කට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමෙන් පිටියෙන් ඉවත් කිරීමට අබ්රාර් අහමඩ් ට හැකියාව ලැබිණි.
5වන කඩුල්ල සඳහා පිටියට එක්වූ ජනිත් ලියනගේ සහ සධීර සමරවික්‍රම එක්ව ඉන්පසු බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ වගකීම කරට ගත් ජනිත් ලියනගේ සහ කමිදු මෙන්ඩිස් ශ්‍රී ලංකාව ඉහළ ලකුණු මට්ටමකට ගෙන ඒමට මංපෙත් විවර කළහ.
ජනිත් ලියනගේ ලකුණු 54ක් ද කමිදු මෙන්ඩිස් ලකුණු 44 ක් ද රැස් කළහ. සදීර සමරවික්‍රම ලකුණු 42 ක්ද තරගයේ අවසාන භාගයේ වනිඳු නැවතත් ක්‍රියාත්මක වෙමින් වේගවත් ලකුණු 37 ක් ලබාගත්හ.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 288 ක් ලබා ගැනීමට සමත්වූහ..
සංස්කරණය – සුසිල් ජයකොඩි
Saru FM Media









