ප්‍රියදර්ශන දයාරත්නගේ `මැදමුලන වඩුක්කොඩෛ පෙරළා දැමීම’

0
13


සාහිත්‍ය දේශකයෙකු, ගත් කතුවරයෙකු, පුවත්වත් කතෘවරයෙකු මෙන්ම ගීත විචාරකයෙකු වන ප්‍රියදර්ශන දයාරත්න විසින් රචිත `මැදමුලන වඩුක්කොඩෛ පෙරළා දැමීම’ කෘතිය අප්‍රේල් 02වන දා ජනගත කෙරේ.
සියවස් දෙකකට ආසන්න කාලයක් ජාතිකත්ව ලෙස මෙරට ජනතාව බෙදා වෙන්කරමින් ගෙන ගිය දේශපාලනය සහ එයට එරෙහිව සාමූහික පෙළ ගැසීම්,
පසුගිය ජනාධිපතිවරණය සහ මහ මහමැතිවරණය දක්වා විකාශනය වූ අකාරය ඡන්ද ප්‍රතිඵල සමග සංකලනය කරමින් සිදුකළ විශ්ලේෂණයක් සහිත “මැදමුලන වඩුක්කොඩෛ පෙරළා දැමීම” කෘතිය අප්‍රේල් 02 වන බදාදා සවස 3.00ට බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේ (නාඩා) දී ජනගත කෙරේ.
කෘතිය ජනගත කිරීමේ අවස්ථාවේ දී: “මලයගම් දමිළ ජනතාව සහ ඡන්දය” යන මැයෙන් වූ දේශනය පාර්ලිමේන්තුවේ විශ්‍රාමික භාෂා පරිවර්තක ක්‍රිස්ටෝපර් මහේන්ද්‍රන් විසින්ද, “අනූවෙන් පසු පරපුරේ දේශපාලනය” යන මැයෙන් වූ දේශනය කොළඹ විශ්විවද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ඔසඳ ගුණරත්න විසින්ද, “වසා දැමූ ඉතිහාසයට එබී බැලීමක්” යන මැයෙන් වූ දේශනය ප්‍රවීණ මාධ්‍යවේදී විමල් කැටිපෙ ආරච්චි විසින්ද පවත්වනු ලැබේ.
මිනිස් ජීවිත පරඬැල් බවට පත් කළ ඉතිහාසය අලුතින් කියවා ගැනීම සඳහා සාහිත්‍ය සහ දේශපාලනයට ළැදි සියලු දෙනාට එදිනට එක්වන්නැයි සංවිධායක මණ්ඩලය විසින් විවෘත ආරාධනා කරනු ලබයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here