සිය රටට එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙසට කටාර් විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි, ඉරානයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිට සමඟ සිදුකළ දුරකතන සංවාදයකදී මෙම ඉල්ලීම සිදු කර ඇති බවය.
ඉරානය කටාර් ඇතුළු සිය අසල්වැසි රටවලට මිසයිල සහ ඩ්‍රෝන යානා සිය ගණනක් එල්ල කර ඇති අතර, අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් සිවිල් සහ බලශක්ති යටිතල පහසුකම්වලට ද පහරදී ඇති බවට අරාබි නිලධාරීන් කෝපයට පත්ව සිටින බව කාටර් විදේශ අමාත්‍යවරයා එහිදී පෙන්වාදී ඇත.
අමෙරිකානු කඳවුරුවලට තමන් ප්‍රහාර එල්ල කළ බවට ඉරාන විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි ප්‍රතික්ෂේප කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
තම අසල්වැසියන්ට හානි කිරීම සහ ඔවුන් ඔවුන්ගේ නොවන යුද්ධයකට ඇද දැමීමට ඉරානය කටයුතු කරන බවට කාටර් විදේශ අමාත්‍යවරයා චෝදනා කර තිබේ.
Saru News
















