ප්‍රසිද්ධ හිමිනමකගේ ගිණුමෙන් දෙකෝටියකට වැඩි මුදලක් ඇද්ද 04ක් අල්ලයි

0
5

පානදුර ප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකගේ ගිණුමෙන් රුපියල් දෙකෝටි අට ලක්ෂයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, ජාඇල, මිනුවන්ගොඩ සහ ඒකල ප්‍රදේශයේ පදිංචි 33,34,45 සහ 46 වියැති පුද්ගලයන් බව පොලිසිය කියයි.

විහාරාධිපති හිමියන් කල පැමිණිල්ලක් මත සිදුකල දීර්ඝ විමර්ශන වලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

විහාරාධිපති හිමියන් පානදුර පෞද්ගලික බැංකුවක සිය ගිණුම පවත්වාගෙන යනු ලබන අතර කලකට පෙර උන්වහන්සේ ගේ හැදුනුම්පත අස්ථානගතව ඇති බවත් පොලිසිය කීය.

සැකකරුවන් එම බැංකුවේම නාරම්මල ශාඛාවෙන් අවස්ථා කිහිපයකදී මුදල් සිය ගිණුම් වලට මාරුකරගෙන මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය කීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here