ප්‍රසාද්මය මතකයන් අතරට වදින සිල්වෙස්තරයේ අලුත් වීරයා

0
3


නිශ්මං රණසිංහ මැයි 22, කොළඹ LNW:

වර්ශය 1991 යි.දකුණු ආසියානු ක්‍රිඩා අළෙල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් ඇත.බොක්සිං තරගවලදි ඒ වන විටත් ඉන්දිය සහ පකිස්තාන ක්‍රීඩකයන් සිටින්නේ ඔලිම්පික් ජයග්‍රහණ මට්ටමේය.එහෙත් ශ්‍රී ලංකාව ඒ දක්ෂතාලාඵීන් සමඟ උරෙනුර ගැටී රන් පදක්කම් තුනක්ම දිනා ගැනීමට සමත් විය.ඒ රන් පදක්කම් තුන අතර සිටි ප්‍රසාද් නුගේගොඩ සුවිශේෂ වූයේ ඔහු ඒ වන විටත් මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටිය බැවිනි.ඔහු ඉන්දියාවේ ප්‍රබලතම ක්‍රීඩකයෙකු වූ රාජනේද්‍ර ප්‍රසාද් පරාජය කරමින් එම රන් පදක්කම දිනා දුන් අතර එය ශ්‍රී ලංකාව දිනා ගත් පළමු දකුණු ආසියාතික බොක්සිං රන් පදක්කමද වුණා.

ඉන් වසර 34 ට පසුව එදා ප්‍රසාද් රන්මය මතකය් ඉතුරු කළ, තවමත් රජය සතුව ඇති එකම ජාත්‍යන්තර බිම වන සුගතදාස ගෘහස්ත ක්‍රීඩා බිමේම තවත් සිල්වෙස්තර බොක්සිං ක්‍රීඩකයෙක් රන් අපේක්ෂාව අසළටම පැමිණ තිබෙනවා.ඔහු නමින් මොහොමඩ් යස්ම්න් උසෙයිත්.උසෙයිත් සිල්වෙස්තරයට පැමිණෙන්නේ සරසවි උයන විද්‍යාලයෙන්.එහිදී අතුල වීරසූරිය යටතේ බොක්සිං ක්‍රීඩාවේ අ යන්න කිය වූ උසෙයිත් සිල්වෙස්තරයේදී ශ්‍රී ලංාවෙන් ඔබ්බට සිය හැකියාවන් රැඟෙන යා හැකි පන්නරය ලබා ගන්නේ ජමිත ගයාන්ගෙන්ය.
සුදුහුම්පොළ නම් වූ මහනුවර නගරය ආසන්නයේම ජීවත්වෙන උසෙයිත්ගේ පියා සහ පවුල වටා ඇති ආර්ථික හයිය ව්‍යාපාරය.ඒවා ව්‍යාපර වුව ද මහා පරිමාණ ඒවා නොවේය.එහෙත් ඒවා උසෙයිත්ගේ පෝෂණ අවශ්‍යයතාවයන් වෙනුවෙන් වැදගත්ය.එහෙත් උසෙයිත් ඔප්පු කරමින් සිටින්නේ ඔහු පවුලකට වඩා රටකට වැදගත් බවය.

ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු තබා සිටින උමයංග මිහිරාන් අවාසනාවන්ත ලෙස ලෝකඩ පදක්කම අභිමුව නැවතෙද්දී උසෙයිත් ඒ අඩුව පිරිමසන්නේ තවත් බලාපොරොත්තු සහගත තරුණයන් ලංකාවේ බොක්සිං ක්‍රීඩාව තුළ සිටින බව තහවුරු කරමින්ය.එය වැදගත් අවධානය යොමු කළ යුතු උමයංග සහ උසෙයිත් යන යූ අකුරු දෙකම අපිට දවසක දෑතේ ඇඟිළිවලින් වී අකුර සංකේතවත් කළ හැකි බලාපොරොත්තුය.
කාන්තා තරග අංශවලදී ඉදිරිපත් වීම අඩු නිසා ශ්‍රී ලංකාවට නිතරගයෙන් ඉදිරියට එන්නට ලැබුණු අවස්ථා අනුව මේ වන විට ලෝකඩ පදක්කම් රැසකට උරුමකම් කියන්නට හැකි වි ඇත.එසේම කාන්තා අවසාන තරග හතරකට සුදුසුකම් ලබා ඇත.ඒවා සහභාගි වූ ප්‍රමානයන් ඉතිහාසයට එක් නොවන රටට ලැබෙන රන් හෝ රිදී මය වස්තූන්ය.ඒ නිසා ඔවුන්ගේ ජය ද අපේක්ෂාව විය යුතු අතර එම රන්මය බලාපොරොත්තු සපල කර ගැනීමට හැකි වුවහොත් එය ද ශ්‍රී ලංකාවේ අලුත් බොක්සිං පරිච්ඡේදයක් වනු ඇත.

ඒ අතරින් අද පැවත්වෙන යොවුන් තරගවලට ඉදිරිපත් වන්නී හිරුණි අපර්ණා විජේසිංහය.ඇය කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකාවේ ක්‍රීඩිකාවක් වන අතර 2023 දී බොක්සිං කවයට පළමුවෙන් ගොඩ වී ඇති හිරුණි පුහුණුව ලබන්නේ රශ්මි කන්නන්ගර යටතේ ය.උසෙයිත් විසින් අවසන් පූර්ව තරගයේදී පරාජය කරන ලද කිර්ගිස්තානයේ ඇබ්ඩ්‍රැක්මනකොව් ඩැනියෙල් සමඟ වූ තරගයේ දී උසෙයිත් තරගයේ සමස්ත අවස්ථාවන් හී දී ඉදිරියෙන් සිට 5-0 ක ජයක් ලැබුවේය.එසේම ඔහුට අවසාන තරගයේදී හමුවන කසකස්තානයේ කොන්ස්බෙකොව් අමාන් අවසාන තරගයට පැමිණියේ ඔහුගේ ප්‍රතිවාදියා වූ වියට්නාමයේ පාම් ඩෑන්ග් ලූ තරගයේ දෙවන වටයේදී ම ඉවත් කරමින්ය.මේ දත්ත අමාන්ගේ ප්‍රබලකම පෙන් වුව ද,තරග වට පහක තියුණු තරගයක අත්දැකීම වට දෙකකින් ලබා ගැනීමට නොහැකි බව උසෙයිත් අමාන්ට අවසාන තරගයේදී කියා දෙන හැටි බැලීම සහ එය ස්වර්ණමය ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට ගෙන ඒම අප සියල්ලගේ පැතුමය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here