රජයට පවරා ගෙන තිබු කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගැනීමට නියමිත හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අයවලුන්ගේ දේපල තහනම් කිරීමට ඉදිරි පියවර ගැනීම සදහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අනුව එම දෙදෙනා අත් අඩංගුවට ගැනීම සදහා මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා අද (09) යළි වරෙන්තුවක් නිකුත් කර තිබේ.
මෙම වංචාවට අදළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් සිව් දෙනාගෙන් දෙවන සැකකරු වන හිටපු ඇමැති මර්වින් සිල්වාට ඇප ලබා ගැනීම සදහා ඉදිරිපත් කර තිබු දිවුරුම් සහතිකය සමග වෛද්‍ය සභතිකය ප්‍රතික්ෂේප කරමින් එම සැකකරුවන් සිව් දෙනා මේ මස 21 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් නියෝග කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන සැකරුවන් දෙදෙනා මේ වනවිටත් අධිකරණය මගහරිම්න සැගවී සිටී.
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හතර දෙනා අධිකරණයට ඉදිරිපත් කර නොතිබු හෙයින් එම නියෝගය ඔවුන්ට බන්ධනාගාරය මගින් දන්වන බවද මහේස්ත්‍රාත් වැඩිදුරටත් නියෝග කර ඇත.
Saru FM Media