ප්‍රවීණ සිනමාවේදී සේන සමරසිංහ දිවි ගමනට සමුදෙයි

0
9

සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් සඳහා දායක වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, සේන සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 89 වන වියේ පසුවුණි.

1937 නොවැම්බර් මස 25 වැනි දින කෑගල්ලේ ප්‍රදේශයේ රන්දෙණිය ග්‍රාමයේ උපත ලැබූ නන්දසේන සමරසිංහ මහතා කලා ලොව සේන සමරසිංහ නමින් ප්‍රසිද්ධියට පත්වූ අතර, ඔහු ජනප්‍රිය චිත්‍රපටි නළුවෙකු වන බන්දු සමරසිංහ මහතාගේ ඥාතියෙකු ද වේ.

බණ්ඩාරවෙල ගුරුතලාව සාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති සේන සමරසිංහ මහතා, පාසල් සමයේදී ක්‍රීඩා අංශයෙන් සුවිශේෂී දස්කම් පෙන්වූ අයෙක් වන අතර, පාසලේ නායකත්ව ද දරමින් ආදර්ශමත් පාසල් සිසුවෙක් වුයේය.

සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු සිනමාව කෙරෙහි සිත් යොමුවීමට සේන සමරසිංහ මහතාට පිටිවහලක් හිමිවුයේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා ඔහුගේ හිතවත් මිතුරෙකු වීම හේතුවෙනි. 

දේශීය සිනමාව ස්වර්ණමය යුගයක් කරා රැගෙන ඒමට සිනමාකරුවෙකු ලෙස සේන සමරසිංහ මහතා කැපවී කටයුතු කළ අයෙකි.

ඔහුගේ සිනමා ගමන් මගේ ආරම්භය ලෙස 1973 දී මිල්ටන් ජයවර්ධන මහතා සමඟ ‘සඳහටම ඔබ මගේ’ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම දැක්විය හැකිය.

බන්දු සමරසිංහ මහතා මෙම චිත්‍රපටයෙන් විකට නළුවෙකු ලෙස දොරට වැඩීම සිදුවිය. එහිදී ගාමිණී, මාලීනී, ජෝ අබේවික්‍රම, සෝනියා වැනි සිනමාවේ ජනප්‍රිය සිනමා නළුනිළියන් යොදා ගනිමින් විශිෂ්ඨ ලෙස නිර්මාණය කර තිබුණි. එම චිත්‍රපටය තුළින් සිංහල සිනමාවට ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය කරන තවත් විශිෂ්ට සංගීතවේදීයෙකු වන සරත් දසනායකයන්ව හඳුන්වා දුන්නේ ද මෙතුමා ය. 

සේන සමරසිංහයින් ‘සඳහටම ඔබ මගේ’ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් පසුව 1974 දී කස්තුරි සුවඳ චිත්‍රපටය තුළින් සිනමා අධ්‍යක්ෂකවරයෙකු බවට පත් විය. එයද ජනප්‍රිය සිනමාව තුළ වාර්තා පිහිටුවීමට සමත් වූ චිත්‍රපටයක් විය.

සේන සමරසිංහයන්ගේ සිනමා නිර්මාණයන්

1974 – කස්තුරි සුවඳ

1976  – නිල්ල සොයා

1978 – ආශා දැසින්

1980 – මල් කැකුලු

1981 – චංචල රේඛා

1983 – ඇතින් ඇතට

1986 – යලි හමුවෙන්නයි

1980 – මල් කැකුලු

1991 – බඹර කලාපේ

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here