ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි දිවියට සමුදේ

0
1

ප්‍රවීණ ලේඛිකාවක වන සෝමා ජයකොඩි අභාවප්‍රාප්තවී ඇත.

ඇයගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ, කලක් රෝගාතුරව සිටි ඇය අද අලුයම පානදුර මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බවය.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 78ක්වූ අතර නවකතා, ළමා අධ්‍යාපන ග්‍රන්ථ, ළමා කවි, යොවුන් කතා, ඉතිහාස කතා, බෞද්ධ කතා, චරිත කතා ඇතුළු කෘති 358ක් රචනා කර ඇති ඇය ගුවන් විදුලි නාට්‍ය කීපයක්ද නිෂ්පාදනය කර ඇත.

කඳුළු බද්ද, අප්පච්චී, කැන්ගරුවෝ, බලවත්තු සහ බලවත්තු, ළා දලු බෝපත්, සිදුහත් යශෝදරා වැනි කෘතීන් සෝමා ජයකොඩිගේ කෘති අතරින් කිහිපයකි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here