Monday, May 12, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසේන මාරසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසේන මාරසිංහ අභාවප්‍රාප්ත වෙයි

0
20


veteran-journalist-chandrasena-marasinghe-passes-away

ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසේන මාරසිංහ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ ඔහු, විවිධ පුවත්පත් ආයතනවල උපකර්තෘවරයෙකු ලෙස සේවය කළ අයෙකි.

1970 දශකයේ ඔහු ලේක්හවුස් ආයතනයේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස සම්බන්ධ වී පසුව තරුණි, බුදුසරණ, මිහිර, සුබසෙත යන සතිපතා ප්‍රකාශනවල සේවය කර ඇති අතර පසුව  දිවයින, ජනසෙත, සියදෙස, මව්බිම, මව්රට ඇතුළු තවත් පුවත්පත් රැසක කර්තෘ මණ්ඩලවල සේවය කර ඇත. ඔහු සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා තුනම ප්‍රගුණ කළ විද්වතෙකි.
වයස අවුරුදු 80ක් වූ චන්ද්‍රසේන මාරසිංහ මහතා, රජයේ ගණන් පරීක්ෂකවරයෙකු, අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරයෙකු ද වන අතර ග්‍රන්ථ කර්තෘවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
රඹුක්කන හුරීමලුව නිවසේ පදිංචිව සිටි ඔහුගේ අවසන් කටයුතු අප්‍රේල් මස 1 වැනි දින සවස 2.00ට රඹුක්කන ආදාහනාගාරයේදී සිදු කෙරෙනු ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here