ප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේ රෝහල්ගත කෙරේ

0
3

ලෝක ප්‍රකට ඉන්දීය පසුබිම් ගායිකා ආශා බෝස්ලේ (Asha Bhosle) මුම්බායිහි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා පවසයි. 

ඇයට ඇති වූ බව කියන හෘදයාබාධයක් සහ පෙනහළු ආශ්‍රිත සංකූලතා ඊට හේතුව බව එහි සඳහන්ය. 

92 හැවිරිදි වියේ පසුවන ඇය දශක හතකට වැඩි කාලයක් ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ රැජිනක ලෙස වැජඹුණේ, තමන්ටම ආවේණික වූ සුවිශේෂී ගායන ශෛලියක් ගොඩනගා ගනිමිනි. 

සංගීතයට සිදු කළ ඉහතම සේවය අගය කරමින්, ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මාන වන පද්ම විභූෂණ සහ දඩාසාහිබ් ෆාල්කේ සම්මානවලින් ඇය පිදුම් ලබා තිබේ. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here