ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරටට ගෙන්වූ පළමු සැකකරු තවමත් අංගොඩ

0
16


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්විමේ සිද්ධියට අදාළ හිස් එන්නත් කුප්පි මෙන්ම අත්අකුරු පරීක්ෂාවට ඇති ලේඛන රජයේ රසපරීක්ෂක වෙත යොමු කරන ලෙසට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

නඩු විභාගයට අදාළ විමර්ෂණ අවසන් අදියරේ පවතිනවා.

ඉතිරි විමර්ෂණ සදහා මෙම ලේඛන හා හිස් එන්නත් කුප්පි රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ යුතු බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ සඳහා අධිකරණය ඉඩ ලබා දුන්නා.

සිද්ධියට සම්බන්ධ අදාළ එන්නත් මෙරටට ආනයනය කළ පළමු සැකකරු වන සුදත් ජානක ප්‍රනාන්දු තවමත් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා.

ඔහු මේ වන විට මහාධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ.

සිද්ධියට සම්බන්ධ පළමු, දෙවන හා නවවන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සෙසු සැකකරුවන් ද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

වැඩිදුර නඩු විභාගය ජූනි මස 12 වනදා කැදවීමටයි නියෝග කර ඇත්තේ.

මේ අතර මාරවිල දිසා අධිකරණයේ අතිරේක දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා අධිකරණයේ විභාග වන නඩු කටයුතුවල දී ඇතැම් විනිසුරුවරුන්ට පක්ෂග්‍රාහීව තීන්දු ලබාදීම සම්බන්ධයෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව ඔහුට අධිකරණ භූමියට ඇතුලු විම ද තහනම් වනවා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here