බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
අදාළ ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව සැලකිලිමත් වෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
ඉහත ප්‍රදේශවල ඇතැම් ස්ථානවල අද (12) සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතී.
මේ සමඟ එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකිය.
Saru News
















