ප්‍රධාන පෞද්ගලික බැංකුවක උකස් කටයුතු කළ කළමනාකරුවෙකු අත්අඩංගුවට… – Saru News | සිංහල

0
4

හැටන් නගරයේ පිහිටි ප්‍රධාන පෞද්ගලික බැංකුවක උකස් අංශය භාරව කටයුතු කළ කළමනාකරුවෙකු හැටන් පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඩී.පී මනෝජ් දිල්රුක් නැමති 37 හැවිරිදි අයෙකි.

සැකකරු වසරක කාලයක් එම පෞද්ගලික බැංකුවේ උකස් අංශය භාරව කටයුතු කළ අයෙක් බවත්, ගනුදෙනුකරුවන් උකසට තබන ලද ස්වර්ණාභරණ බේරා ගැනීමට පොලි මුදල් ඔහු විසින් ලබා ගෙන ඒ සදහා ව්‍යාජ රිසිට්පතක් ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇත.

තවද, ගනුදෙනුකරුවන් විසින් බැංකුව වෙත උකස් තබන ලද ස්වර්ණාභාරණ කිහිපයක් ඔහු විසින් එවැනි ආකාරයට පිත්තලවලින් සාදා එයට රන් ආලේප කර ගනුදෙනුකරුවන් වෙත නැවත ලබා දි තිබේ.

එම ගනුදෙනුකරුවන් විසින් නැවත එය තමන් උකස් තැබූ ස්වර්ණාභරණ නොවන බවට පසුව ගොස් සිදු කරන පැමිණිලි එම සැකකරු විසින් භාර නොගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය විසින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක්ද පවත්වා ඇතත්, එම විනය පරීක්ෂණයට සැකකරු ඉදිරිපත් නොවීම හමුවේ එම බැංකු ශාඛාවේ කළමනාකාරයා විසින් හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලක් මත එම අංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශනයක් සිදු කර අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු විසින් එම වසරක කාලය තුළ සිදු කර ඇති මුදල් සහ සවර්ණාභරණ වංචාව රුපියල් ලක්ෂ 72 පමණ වන බවට බැංකු කළමනාකාරිත්වය විසින් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලේ සදහන්ව ඇත.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here