ගල්ඔය වැවිලි සමාගමට මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් වහාම නිකුත් කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
හිඟුරාන සීනි සමාගම මේ වනවිට ගල්ඔය වැවිලි සමාගම විසින් පාලනය කෙරෙන බැවින් ඔවුන්ට මත්පැන් නිෂ්පාදනය කිරීමේ බලපත්‍රයක් ලබාදිය යුතු බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇත්තේ.
හිඟුරාන සීනි සමාගම යටතේ සිදුකෙරුණු මත්පැන් නිෂ්පාදන ව්‍යාපාරය මේ වනවිට වෙනත් පාර්ශ්වයක් විසින් පූගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබේ.
ගල්ඔය වැවිලි සමාගමේ කොටස් 49%ක ප්‍රමාණයක් බ්‍රව්න්ස් සමාගම සහ LOLC සමාගම සතුවන අතර එම සමාගම් දෙකේම හිමිකරු වන්නේ මෙරට ධනවත්ම ව්‍යාපාරිකයකු වන ඉෂාර නානායක්කාර ය.
Saru FM Media