ප්‍රදේශ රැසකට අදත් පැය 12ක ජල කප්පාදුවක්

0
3

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට (10) හෝමාගම සහ පැලැන්වත්ත ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෝමාගම ප්‍රදේශයට අද (09) පස්වරු 8.00 සිට හෙට (10) පෙරවරු 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.

හෝමාගම නගරය, වෑකන්ද පාර, පින්කෙත පාර, වලව්ව පාර, ගැමුණු මාවත, අතුරුගිරිය පාර, ගලවිලවත්ත, නියඳගල, මහකටුවාන, මාගම්මන, දෙණිය සහ දියගම විශ්වවිද්‍යාලය ප්‍රදේශවලට ජල කප්පාදුව සිදු කරන බව  ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

එමෙන්ම පැලැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැව්වල, නිවන්තිඩිය, බෝකුන්දර පාර, රත්මල්දෙණිය, මහරගම පිළියන්දල පාර, මොරකැටිය පාර, හිරිපිටිය, ගොරකපිටිය පාර, නියඳගල පාර – දොලේකඩේ හංදිය, කුඩමාදුව සිට 255 බස් මාර්ගයේ වෙල දක්වා, පුබුදු මාවත සිට 255 බස් මාර්ගයේ වෙල දක්වා හෙට (10) පෙරවරු 08.00 සිට පස්වරු 08.00 දක්වා ජලසැපයුම අත්හිටුවීමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here