ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අඩාල වෙයි

0
5

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (08) දිනයේ ද විදුලිය ඇණහිටීම් වාර්තා වී තිබුණි. 

අධිබලැති විදුලි රැහැනක් කැඩීයාම හේතුවෙන් කටුපොත, නාරම්මල, සියඹලාගස්කොටුව, ගිරිඋල්ල, අලව්ව, පොල්ගහවෙල යන ප්‍රදේශවල මෙලෙස විදුලි විසන්ධි වීම් සිදුව ඇති බව වාර්තා වේ. 

තාක්ෂණික කණ්ඩායම් ඊයේ රාත්‍රියේම අලුත්වැඩියා කටයුතු ආරම්භ කර තිබුණු අතර, අද අලුයම විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකි වෙනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.

මේ අතර, නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් මේ වසරේ දෙවන කාර්තුව සඳහා අතිරේක විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. 

ඒ අනුව අදාළ ඉල්ලීම පිළිබද කරුණු අධ්‍යයනය කර ඉදිරි දින කිහිපය තුළ කොමිසමේ මතය ප්‍රකාශය පත් කරන බව එහි ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේය.

දෙවන කාර්තුව සඳහා පසුගිය මාර්තු 31 වන දින විදුලි ගාස්තු සියයට 10කින් ඉහළ නැවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබුණි.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ විදුලි නිෂ්පාදනයට වැයවන පිරිවැය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් සිට ජුනි දක්වා වන කාලසීමාවට අදාළ විදුලි ගාස්තුව තවත් සියයට 15කින් ඉහළ නංවන ලෙසට වන යෝජනාවක් ජාතික පද්ධති පාලන ආයතනය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here