ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු – සිව්දෙනෙකු ජීවිතක්ෂයට

0
9

ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

අක්මීමන, සේරුනුවර, කිලිනොච්චිය සහ වාරියපොල යන ප්‍රදේශවලදී මෙම අනතුරු සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමිටර් 86.6 කණුව ආසන්නයේදී මෝටර් රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටෙහි ගැටීමෙන් පෙරළී ගොස් අනතුරක් සිදුව ඇත.

අනතුරින් මෝටර් රථයේ රියැදුරු සහ එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ප්‍රතිකාර ලබමින් සිටි එක් කාන්තාවක් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

සේරුනුවර, නිලපොල ප්‍රදේශයේදී කැබ් රථයක් යතුරුපැදියක ගැටී සිදුවු අනතුරින් 31 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ.

එමෙන්ම කිලිනොච්චිය, මුලතිව් මාර්ගයේ ත්‍රීරෝද රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව ලොරි රථයක ගැටී සිදුවු අනතුරින් 49 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

වාරියපොල, මාරගස්ගොල්ල ප්‍රදේශයේදී ද යතුරුපැදියක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරින් 22 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here