
මව සහ පියා යන දෙදෙනාම වෛද්‍යවරුන් වූ පවුලක දරුවන් තිදෙනාම වෛද්‍යවරුන් වීමට වරම් ලබමින් අපොස උසස්පෙළ විභාගය උසස් ලෙස සමත්වී ඇත.මේ හපන්කම කර ඇත්තේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් වන අංජු රාමනායක (19),අකිල රාමනායක (19) යන නිවුන් සොයුරන් දෙදෙනා ඔවුන්ගේ සොයුරියක වන 21 හැවිරිදී සඳළි රාමනායක යන තිදෙනාය.මේ අනුව අනාගතයේදී මෙම නිවසේ සියලු දෙනාම වෛද්‍යවරු වෙති. දරුවන්ගේ පියා වන වෛද්‍ය සමන්ත රාමනායක සහ මව වන වෛද්‍ය චන්දිමා ජයසිංහ මේ දිනවල සේවය කරන්නේ බදුල්ල ශික්ෂණ රෝහලේය.
මගේ දරුවෝ තුන්දෙනාම හරිම එකමුතුයි. තුන්දෙනාම එකතුවෙලා උසස් පෙළට පාඩම්
කළා. දරුවෝ තුන් දෙනාම සංගීතයට හරිම දක්ෂයි සාමාන්‍ය පෙළට සංගීතයත් කළා.
වයලින්, ඕගන්, ගිටාර මේ සංගීත භාණ්ඩ වාදනය කරන්නත් පුළුවන්තුන්දෙනාඑකුවුණාම
වෙලාවකට සංගිතයෙන් මුළු ගෙදරම පිරෙනවා යැයි මෙවර අපොස උසස් පෙළ විභාගයෙන්
උසස් ලෙස සටත් වූ දරුවන් තිදෙනාගේ මව වූ බදුල්ල රෝහලේ වෛද්‍ය චන්දිමා
කීවාය.
වෛද්‍ය සමන්ත මහතා රෝහල් වේලාවෙන් පසු තම වෛද්‍ය මධ්‍යස්ථානයේදී අසරණ රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කිරීම පිළිබඳව ප්‍රදේශවාසින් තුළ ඇත්තේ ලොකු ගෞරවයකි.තම දරුවන්ගේ ජයග්‍රහණ ගැන අදහස් දක්වමින් මව වන චන්දිමා මහත්මිය ද මෙසේ ද කීවාය.
පොඩි කාලේ ඉඳලම මේ තුන්දෙනා හරිම එකමුතුයි. කලබලයක් නැහැ. හරිම අහිසංකයි තාත්තා වගේ තමයි. කාට හරි උදව් කරන්න තමයි. හැම තිස්සෙම හිතන්නේ. අපි කිසිම බල පෑමක් කළේ නැහැ ඒගොල්ල නිදහසේ අධ්‍යාපන කටයුතු කළා. හැබැයි තුන්දෙනාම එකතුවෙලා උසස්පෙළට පාඩම් කළා. තුන් දෙනාම සංගීතයට දක්ෂයි සාමාන්‍ය පෙළට සංගීතයත් කළාවයලින් ඕගන් ගිටාර මේ සංගීත භාණ්ඩ වාදනය කරන්නත් පුළුවන්.
තුන් දෙනා එකුවුණාම සංගිතයෙන් වෙලාවකට මුළු ගෙදරම පිරෙනවා යැයි ද වෛද්‍ය චන්දිමා කීවාය. තවත් තොරතුරු දැනගැනීමේ රිසියෙන් අප වෛද්‍ය සමන්ත හමුවූ වෙමු.
අසරණ රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කිරීම ආරම්භ වූ තැන් පටන් බොහෝ තොරතුරු අපට දිග හැරියේ මෙසේය.
“මම අසරණ රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කිරීම ආරම්භ කළේ ඇටම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කරද්දි මගේ රෝහලේම බිරිඳත් එම සේවය කළා.
සවස 4න් පස්සේ රෝහල් බාහිර ප්‍රතිකාර නැහැනේ. රෝහල් වෙලාවෙන් පසු අපි පුද්ගලිකව ප්‍රතිකාර කරන කොට සල්ලි නැති අයට ප්‍රශ්න ඇති වෙනවානේ. ඔවුන්ට බදුල්ල බණ්ඩාරවෙල සහ වැලිමඩ රෝහලවලට යන්නත් ලොකු ගමන් වියදමක් යනවානේ මේනිසා මම 2005 වසරේදී ඉඳන් රෝහලට එන්න බැරි අයට සහ වයෝවෘද රෝගීන්ට ගෙවල් වලටම ගිහින් ප්‍රතිකාර කිරීම ආරම්භ කළා. ශතයක් වත් ගන්නේ නැතිව මේ සත්කාරය කරන කොට මට ලොකු සතුටක් ඇතිවුණා.ග
ෙවල්වලටම ගිහින් රෝහලට එන්න බැරි රෝගීන්ට කැතීටර දැමීම තුවාලවලට බෙහෙත් දැමීම වගේ දේවල තමයි බොහෝවිට කළේ අපි දෙන්නාම ඇටම්පිටිය ප්‍රාදේශීය රෝහලේ වැඩ කළ නිසා දරුවෝ තුන්දෙනාම යැව්වේ ඇටම්පිටිය පාසැලට ඊට පස්සේ පුතාලා දෙන්නා බදුල්ලේ ඌව විද්‍යාලයටත් දුව බදුල්ලේ විශාඛා විද්‍යාලයටත් දැම්මා.
නිවුන් පුතුන් එක්කෙනෙක් ශිෂ්‍යත්වය අසමත්වුණා හැබැයි දුව සහ අනෙක් පුතා ශිෂ්‍යත්වය සමත්වුණා. දුවට ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 178 ක් ලැබුණා. ඊට පස්සේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කළා තුන්දෙනාම සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සමාර්ථ 9 බැගින් ලබාගත්තා. ඉතින් අපිට හරිම සතුටුයි දරුවො තුන්දෙනාම උසස් පෙළ සමත්වෙලා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න සුදුසුකම් ලබා තියෙනවා යැයිද වෛද්‍ය සමන්ත මහතා පැවසුවේ අපමණ සතුටකිනි.
අනාගත බලාපොරොත්තු පිළිබඳව දරු තිදෙනාගේන් ඇසුවෙමි. වෛද්‍ය අංශයෙන් ඉහළටම ගිහින් තාත්තා වගේම අසරණ රෝගීන් වෙනුවෙන් කැපවී වෛද්‍ය සේවාව ලබාදීම තමන්ගේ බලාපොරොත්තුව බව ඔව්හු පැවසූහ. බදුල්ල මධ්‍ය මහ විද්‍යාලයටද මේ සිසුන් තිදෙනා ලබාදී ඇත්තේ විශාල ගෞරවයකි. විදුහල්පති එල් ජී.එස්. සමරකෝන් පැවසුවේ එය ඉතිහාස ගත ජයග්‍රහණයක් බවයි. සමහර වෙලාවට එකම පවුලේ දෙදෙනෙක් ඒකවර සමත්වූ අවස්ථා මාධ්‍ය මගින් අපි දැනගෙන තිබෙනවා.
එහෙත් මේක සුවිශේෂි අවස්ථාවක් එකම විභාගයෙන් එකවර එකම පවුලේ දරුවන් තිදෙනෙක් සමත්වීම වාර්තා ගත ජයග්‍රහණයක් ඔවුන්ගේ අනාගත සිතුම් පැතූම් එලෙසම ඉටුවන්නට විදුහල වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා යැයිද විදුහල්පතිවරයා පැවසීය.
(බදුල්ලේ පාලිත ආරියවංශ)

Saru FM Media