ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කළ වර්ෂ 2022 දී මිය ගිය නැදුන්ගමුවේ විජය රාජා හස්තියා නැවත ප්‍රතිනිර්මාණය කර ලබන (11) දින සිට ජාතික කෞතුකාගාරයේ , ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී මහජන ප්‍රදර්ශනයට විවෘත වන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මිය පවසයි.
ඇය මේ බව පැවසුවේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
මෙම හස්තියා නැවත් ප්‍රතිනිර්මාණය කිරීම අභියෝගයක් බව පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරිය එම වගකීම භාරගෙන එම ප්‍රතිනිර්මාණ කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින බවද පැවසුවාය.
මෙම වෘපෘතිය සඳහා රුපියල් මිලියන 25ක් පමණ වැය වූ බවත් විශේෂිත වීදුරු කුටියක මෙම ප්‍රතිනිර්මාණය කළ හස්තියා ප්‍රදර්ශනයට තැබෙන බවත් මෙම මාධ්‍ය සාකච්ඡාවය එක් වෙමින් එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සත්ව විද්‍යා) ලංකානි සෝමරත්න මහත්මිය සඳහන් කළාය.
එසේම මෙම හස්තියාගේ සම ඉවත් කිරීමේ කටයුතු සහ එහි සංරක්ෂණ කටයුතු සඳහා දින 10ක් පමණ ගතවූ බව පෙන්වා දුන් ඒ මහත්මිය නිවැරදි මිමිවලට අනුව ඉන් අනතුරුව හස්තියාගේ ප්‍රතිනිර්මාණ කටයුතු ආරම්භ කළ බවද සඳහන් කළාය.
එසේම මෙලෙස විද්‍යාත්මකව සංරක්ෂණය කළ සත්වයකු වසර 500 ක කාලයක් සුරක්ෂිතව තබා ගත හැකි බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
Saru News
















