ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණයෙන් නියෝගයක්

0
11


ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යලි භාර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කළා.

සිය නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව  පිළිගත් දේශපාලනය පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා කියා සිටියේ සාම විනිසුරුවරුන් විසින් සහතික කිරීමේ දී ඇතිවූ ගැටලු,  දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප කරමින් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කළ  නියෝග බල රහිත කරන බවයි.

එලෙස ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙස අදාළ තේරීම් බාර නිලධාරීන් වෙත තවත් නියෝගයක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා. 

මේ අතර උප්පැන්න සහතිකවල ඡායා පිටපත් ඉදිරිපත් කිරීම සම්බන්ධව ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා යළි භාර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමටද අභියාචනාධිකරණය තීන්දු කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here