ඉදිරි පලාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාර ගන්නා ලෙස අභියාචනාධිකරණය අදාළ තේරීම් භාර නිලධාරීන්ට අද (04) නියෝග කළා.
සිය නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පිළිගත් දේශපාලනය පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ගොනුකළ රිට් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා කියා සිටියේ සාම විනිසුරුවරුන් සහතික කිරීමේ දී ඇතිවූ ගැටලු හා දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප කරමින් තේරීම් භාර නිලධාරීන් නිකුත් කළ නියෝග බල රහිත කරන බවයි.
එසේ ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙස අදාළ තේරීම් බාර නිලධාරීන් වෙත තවත් නියෝගයක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.
මේ අතර උප්පැන්න සහතිකවල ඡායා පිටපත් ඉදිරිපත් කිරීම සම්බන්ධව ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා යළි භාර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් තුනක් නිශ්ප්‍රභ කිරීමටද තීන්දු කළා.
Saru FM Media