ප්‍රතික්ෂෙප වූ නාමයෝජනා ගැන අද ලැබුණු අධිකරණ නියෝගය

0
14


පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උප්පැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

එම නියෝගය සිදු කර ඇත්උතේ, ප්පැන්න සහතිකවල මුල් පිටපත් සහිත නාම යෝජනා පත්‍ර යළි භාරගැනීමට සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැමිණි එකඟතාවය අනුවය.

ඊට අමතරව මෙසේ භාර ගැනීමට නියෝග කෙරුණු නාම යෝජනා පත්‍ර හැර සෙසු නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම්වලට අදාළ නඩුවලට පාදක වන පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම පත්වීමේ කටයුතු හෙට (03) දින තෙක් අත්හිටුවන ලෙසත් අධිකරණය විසින් නියෝග කර ඇත.

මෙම නියෝග කර ඇත්තේ 2025 පළාත් පාලන ඡන්ද විමසීමට ආදාලව නාමයෝජනා ප්‍රතික්ෂෙප වීම් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ විසින් ගොනු කර තිබූ පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුවය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විණිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සළකා බැලිණි.

සෙසු කාරණා මත  ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා යළි භාරගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබාගෙන හෙට දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නීතිපතිවරයාට නියම කර තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here