ප්‍රගතියක් නොමැති නම් යුක්‍රේන සාම සාකච්ඡා අත්හරින බව අමෙරිකාව කියයි

0
9


ඉක්මන් ප්‍රගතියක් නොලැබුණහොත් යුක්‍රේන සාම සාකච්ඡා සඳහා සිදු කරන මැදිහත්වීම අත්හරින බව අමෙරිකාව පවසනවා. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී වාර්තාකරුවන් අමතා පවසා ඇත්තේ කුමන හෝ හේතුවක් මත දෙපාර්ශවයෙන් කවුරුන් හෝ සාම සාකච්ඡා සඳහා ප්‍රවේශය අපහසු කරයි නම් ඔවුන් මෝඩ සහ භයානක මිනිසුන් වන බවයි. 

අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද ප්‍රකාශයක් කර තිබූ පසුබිමකයි. 
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණේ ඉක්මන් ප්‍රගතියක් ඇති වන බවට පැහැදිලි සලකුණු නොපෙනේ නම් අමෙරිකාව යුක්‍රේන සාම සාකච්ඡාවලින් ඉවත්වන බවයි. 

සාම සාකච්ඡා සඳහා එළඹිය හැකිද යන්න සම්බන්ධයෙන් දින කිහිපයක් ඇතුළත කඩිනම් තීරණයක් ගත යුතු බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසා තිබෙනවා. 

එය සිදු නොවන්නේ නම් අප ඉදිරියට යා යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. 

යුරෝපීය නායකයන් සමග ප්‍රංශයේ පැවති රැස්වීමකින් අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම අදහස් පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here