ප්‍රංශ කෑමක රස බලමු

0
14


සී ෆුඩ් රුලාඩ් (Seafood Roulade)

ලෝකේ වටේ ගිහින් රස බලන්න ඕනෑම නෑ. ඒ රස කෑම වට්ටෝරු අප ඔබ ළඟටම ගෙනත් දෙන්නයි මේ සූදානම් වෙන්නේ. විවේකි සති අන්තය ඔබේ පවුලේ ආදරණීයයන් මෙන්ම හිතවතුන්ගේ දෑස් ආලෝකමත් කරන මේ ප්‍රණීත ආහාරය ඉක්මනින්ම හදලා බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සුද්ද කරගත් ඉස්සන් ග්‍රෑම් 500
  • අඟල් 3 පළල අඟල් 5 දිග තීරු කපාගත්  මලට් මාළු ග්‍රෑම් 500
  • කුඩාවට කපාගත් රතුළුණු ගෙඩි 2
  • කුඩාවට කපාගත් සුදු ළුණු ගෙඩි 1
  • බිත්තර සුදු මද 1
  • ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4
  • පිටි මේස හැඳි 1
  • තුනපහ කුඩු මේස හැඳි 2
  • දෙහි යුෂ තේ හැඳි 1
  • ලුණු හා ගම්මිරිස් අවශ්‍ය පමණ
  • මිටි පොල්කිරි 3/4
  • මාළු ස්ටොක් කෝප්ප 1
  • මාගරින් ග්‍රෑම් 30

සාදන ක්‍රමය:

ඉස්සන් අඹරන්න. එයට ලුණු, ගම්මිරිස් හා බිත්තර සුදුමද හා දෙහි යුෂ කලවම් කරන්න. දිගටියට කපාගත් මාළු කැබලිවල මිශ්‍රණය ටික ටික ඔතන්න. මෙය රවුමට අවශ්‍ය නම් ටුත් පික් එකක ගසන්න. මේ සියල්ල අවන් එකක දැමිය හැකි ෆයිරෙක්ස් දීසියකට දමා මාළු කූරු වැහෙන ආකාරයට ස්ටොක් වතුර දමන්න. සෙන්ටි ග්‍රේඩ් අංශක 150 උෂ්ණත්වයට විනාඩි 25 බේක් කරන්න.

කරි සෝස්

බඳුනකට මාගරින් දමා රත්වන විට සුදු ළුණු, රතුළුණු, දමා පිස කරි කුඩු දමා ලුණු, ගම්මිරිස් දමා පොල්කිරි දමා රත් කරන්න. දැන් බේක් වූ මාළු තැටිය ඉවතට ගෙන කරි සෝස් උඩින් වත් කරන්න.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here