ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නව ප්‍රංශ අගමැති ලෙස ඔහුගේ සමීප මිතුරෙකු වන සෙබස්තියන් ලෙකෝර්නු නම් කර තිබේ.
විශ්වාසභංග යෝජනාවකින් පැය 24කට පසු මෙම නම් කිරීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
39 හැවිරිදි ලෙකෝර්නු, යුක්රේනයේ රුසියාවේ යුද්ධයට ප්‍රංශයේ ප්‍රතිචාරය කෙරෙහි අවධානය යොමු කරමින්, පසුගිය වසර තුන සන්නද්ධ හමුදා අමාත්‍යවරයා ලෙස ගත කර ඇත.
ප්‍රංශයේ ඊළඟ අයවැය සම්මත කර ගැනීමේ අරමුණින් දේශපාලන පක්ෂවල සමග සාකච්ඡා කිරීමේ කාර්යය මැක්‍රොන් ජනාධිපති ධුරයේ හත්වන අගමැති ලෙකෝර්නුට පවරා ඇති බව එලිසී මාලිගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ලෙකෝර්නුගේ පත්කිරීම වාමාංශික සහ අන්ත දක්ෂිණාංශික විරුද්ධවාදීන් හෙළා දකින බව විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා ඇත.
Saru FM Media