පළාලි ගුවන් තොටුපොළ පුළුල් කිරීමට ආණ්ඩුවේ වි⁣⁣ශේෂ අවධානය

0
10


පළාලි ගුවන් තොටුපොළේ පහසුකම් වැඩි කිරිමින් හා සංවර්ධන කටයුතු කඩිනම් කරමින් එම ගුවන් තොටුපොළ පුළුල් කිරීම කෙරෙහි වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ වි⁣⁣ශේෂ අවධානය යොමුව ඇතැයි ප්‍රවාහන, මහමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
ඔහු මේ බව බසඳහන් කළේ පසුගිය 30 පළාලි අන්තර්ජාතික ගුවන්තොටුපොළ නිරීක්ෂණට එක් වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.
එහි දී ඇමති බිමල් රත්නායක, පළාලි ගුවන්තොටුපොළට අයත් සියලුම අංශවල කාර්ය මණ්ඩල හමු වී ඔවුන් සමඟ සාකච්ඡා කර මේ වනවිට පවත්නා පහසුකම් ගැන ව්මසා බැලු අතර හැම අංශයකම සංවර්ධනයක් කර වැඩි දියුණු කරන්නට අවශ්‍ය උපදෙස් හා සහාය රජයෙන් ලබා දෙන බව ප්‍රකාශ කළේය.
එහි දි පැමිණ සිටි මාධ්‍යයවෙත දැක්වූ අදහස්,
“දැනටමත් අන්තර්ජාතික ගුවන්තොටුපොළක් වන පළාලි ගුවන්තොටුපොළ භාවිතා කිරීම සදහා දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ඉල්ලුම වැඩි වී ඇතිබවක් පෙනී යනවා. විශේෂයෙන්ම දැනට කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන යාපනය ආශ්‍රිත සංචාරකයන්ට එතැන්සිට දේශීය ගුවන්වාර වැඩිදියුනණු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සදහා ලංකාවේ ගුවන්ගමන් පිලිබද නීතියේ සංශෝධන කරමින් දේශීය ගුවන් ගමන් වලට ගැළපෙන පරිදි සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. පළාලි ගුවන්තොටුපොළ දියුණු කිරීම සදහා තව බොහෝ කාර්යයන් සිදුකළ යුතු අතර ඒ සඳහා ගුවන්තොටුපොළ අධිකාරියට සැලසුම් තියෙනවා.
යුද්ධයකින් බැට කෑ යාපනය ආශ්‍රිත ජනතාවගේ ආර්ථිකය ගොඩනැංවීමට පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනය පිටිවහලක් වෙනවා. ගුවන්තොටුපොළ සභාපතිතුමා කියන්නේ මේ සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය මුදල් ගුවන්තොටුපොළ සතුවම ඇති බව. ඉතා ඉක්මනින් මෙම ගුවන්තොටුපොළ අන්තර්ජාතික වශයෙන් දියුණු කළ යුතුයි. ඒ සදහා කරුණු 2ක් සිදු කළ යුතුව තියෙනවා. එකක්, ගුවන් පථය දික් කළ යුතුයි. අනික ආරක්ෂිතව ගමන් කළ හැකි සුදුසු පර්යන්තයක් සකස්කළ යුතුයි. මෙම සංවර්ධන කටයුතු ශක්‍යතා අධ්‍යයනයක් ඇතුව නව ව්‍යපාරික සැලසුම් සමග ඉදිරියට ගමන් කළ යුතුයි. අපි මේකේ සංවර්ධන කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කිරිමට බලපොරොත්තු වෙනවා”.
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමති බිමල් රත්නායකට අමතරව, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකුද ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම් සභාපති සහ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here