පළාලි ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු කඩිනමින්ම අරඹනවා – ඇමති බිමල්

0
21


පළාලි ගුවන්තොටුපොළට විශේෂ අවධානයක් යොමු කරමින් එහි සංවර්ධන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා .

ඊයේ (30) අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පළාලි අන්තර්ජාතික ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි මේ බව පැවසුවේ .

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී මෙරට ගුවන් ගමන් පිළිබඳ නීති සංශෝධනය කරමින් දේශීය ගුවන්ගමන්වලට ගැළපෙන පරිදී සකස් කිරීමට බළාපොරොත්තු වන බවයි .

එමෙන්ම පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම තුළින් යාපනය ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බවත් පැවසූ අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා ගුවන්තොටුපොළ සතුවම මුදල් ඇති බව සභාපතිවරයා දැනුවත් කළ බවයි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“දැනටමත් අන්තර්ජාතික ගුවන්තොටුපොළක් වන පළාලි ගුවන්තොටුපොළ භාවිතා කිරීම සදහා දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ඉල්ලුම වැඩි වී ඇති බවක් පෙනී යනවා. විශේෂයෙන් ම දැනට කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන යාපනය ආශ්‍රිත සංචාරකයන්ට එතැන්සිට දේශීය ගුවන්වාර වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ සදහා ලංකාවේ ගුවන් ගමන් පිලිබඳ නීති සංශෝධන කරමින් දේශීය ගුවන් ගමන්වලට ගැළපෙන පරිදි සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. පළාලි ගුවන්තොටුපොළ දියුණු කිරීම සදහා තව බොහෝ කාර්යයන් සිදුකළ යුතු අතර ඒ සඳහා ගුවන්තොටුපොළ අධිකාරියට සැලසුම් තියෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here