දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු වන අතර උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1ග00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කියයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බවද වැඩිදුරටත් සඳහන් කරයි.
Saru FM Media







